රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝබර් මස 09 වන සිකුරාදා දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කර සිටින්නේ දෙවැනි පාසල් වාර නිවාඩුව එදින සිට ඇරඹෙන බවයි.
තෙවන පාසල් වාරය සදහා නැවත සියලුම පාසල් 2020 නොවැම්බර් මස 09 වන සදුදා දින යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.