කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමට නම් පාර්ලිමේන්තුව රැස්කර අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු බව ජාතික කම්කරු පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පවසයි.
මෙවැනි ජාතික ආපදා තත්වයකදී පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට ලබාදෙන කිසිදු දීමනාවක් අවශ්‍ය නොවන බවත්, ආපදා තත්ත්වය පාලනය කර ගැනීම සඳහා පමණක් පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවත් ඔහු කියා සිටියි.
“මේ අවස්ථාවේ අපිට පාර්ලිමේන්තු දීමනා, විශ්‍රාම වැටුප්, කැන්ටිමේ කෑම අපිට එපා. මේ ව්‍යසනයෙන් රට බේරාගැනීමට පාර්ලිමේන්තුවේදී අදාළ තීන්දු ගත යුතුයි. එහිදී ආණ්ඩුවට අවශ්‍ය සහාය ලබාදෙන්න අපිට පුලුවන්. ඒත් ආණ්ඩුව මිනිස්සුන්ට රුපියල් 5,000 ගානේ දීලා ඡන්ද ටික ගන්න උත්සාහ කරනවා. ජනතාව රැවටෙන්න අපි දෙන්නේ බැහැ. අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.