සජින් වාස්

සජින් වාස්ට එරෙහි නඩුව විභාගට දින නියම වෙයි‍

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය ලබන 25 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ බව වාර්ථා වන අතර එහිදී විනිසුරුවරයා තීන්දු කළේ මෙම නඩුවේ විභාගය ලබන 25 වන දා ආරම්භ කරන බවයි.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් කෝටි 30 කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කර නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කරන ලෙස ද විනිසුරුවරයා නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *