‘‘88 -89 හිටපු අනිත් කල්ලි ගැනත් හොයමු‘‘ – මෛත්‍රිපාල සිරිසේන

අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

තමාගේ කාලයේදී පත් කෙරුණු තවත් කොමිෂන් සභා තිබූ බවත් එම කොමිෂන් සභාවල වාර්තාද ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.

මහා බැංකු මුදල් වංචා සොයා බැලීමේ කොමිෂන් සභාව ශ්‍රී ලංකන් ආයතනය පිළිබඳ කරුණු සොයා බැලීමේ කොමිෂන් සභාවල වාර්තා ක්‍රියාත්මක කිරීම හොඳ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙම කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එතනින් එහාට රාජකාරී පැවරී ඇත්තේ අමාත්‍යවරුන්ට බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *