මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.3 ඉක්මවයි

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.3 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, 2026 ජනවාරි 1 වැනිදා සිට ජූලි 26 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,313,974 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ජූලි මාසයේ පළමු දින 26 තුළ පමණක් සංචාරකයින් 167,401 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 38,785කි.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් අතරින්ද වැඩිම පිරිස නියෝජනය කරන්නේ ඉන්දියාව වන අතර, 2026 වසරේ මේ දක්වා ඉන්දීය සංචාරකයින් 310,293 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *