ගෝඨාභයට රට බාර දෙන්න

6.9% තිබ්බ ආර්ථිකය ඉතියෝපියාවට වඩා පහළට ගෙනා යමපාලනය වෙනස්කරන්න ගෝඨාභයට රට බාර දෙන්න video

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සහාය පළකරන උත්සවයකදී මේ අදහස් පළකළේය.

” 2020 තාරුණ්‍යයේ ඔබට විශේෂයෙන්ම සුභ කල දසාවක් ලැබෙනවා. ලක්ෂ 4 ක් තිබ්බ රාජ්‍ය සේවය ලක්ෂ 16 දක්වා වැඩි කරලා සැම උපාධිධාරියෙක් ඇතුළු ව තාරුණ්‍ය රැක ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයා නිසා ලක්ෂ 16 සිට ලක්ෂ 25 දක්වා රාජ්‍ය සේවයට තාරුණ්‍ය ඇතුලත් කිරීම අප 2020 දී ආරම්භ කරනවා.

6.9 % ආර්ථික වර්ධනයක් තිබ්බ රට ලෝකයේ දුප්පත්ම රටක් වෙච්ච ඉතියෝපියාවටත්, ඇෆ්ගනිස්තානයටත් වඩා පහත් තැනකට, 1.6 % කට අරගෙන ආවේ මේ යමපාලන රජය.

ඒ නිසා තාරුණ්‍ය වෙනුවෙන් දැක්මක් තියන, සාගර ආරථිකයක් ගැන කතා කරන , තාරුණ්‍ය වෙනුවෙන් නව විව්සායකයින් බිහිකරන්න දැක්මක් තියන, නව තාක්ෂනය ඔස්සේ රැකියා බිහිකරන්න දැක්මක් තියන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ට නොවැම්බර් 16 වෙනිදාට ජයග්‍රහණය කරන්න ඔබේ ශක්තිය ලබා දෙන්න. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *