ජනාධිපතිවරණ ඡන්දයේදී ඇගිලි පාට කරන්න කෝටි 4ක්

නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ඡන්ද මධ්‍යස්ථානවල පාවිච්චිය සඳහා නොමැකෙන තීන්ත (indelible ink) අඩංගු පෑන් 50,000 ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වෙන් කළ බව මැතිවරණ කොමිසම පවසයි.

මේ මුදල් ඉදිරි දින කිහිපයේදි අදාළ සමාගමට ගෙවීම් කර ඉදිරි සතියේදී පෑන් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිසමේ ආරංචි වාර්තා කරයි.

ඡන්ද මධ්‍යස්ථානවලදී මෙම නොමැකෙන තීන්ත පාවිච්චි කරන්නේ ඡන්ද දායකයනගේ ඇඟිලි පාට කිරීම සඳහාය. මැතිවරණ දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණයි.

මේ අතර ජනාධිපතිවරණයේ වියදම් සඳහා අද (18) දිනයේදී මහා භාණ්ඩාගාරයෙන් තවත් රුපියල් කෝටි 15ක පමණ මුදලක් ලැබෙන බව මැතිවරණ කොමිසම පවසයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ වියදම රුපියල් කෝටියකට වැඩි විය හැකි යැයි මැතිවරණ නිලධාරීහු පවසති. මින් රුපියල් අසූ ලක්ෂයක මුදලක් මේ මාසය මුලදී නිකුත් කරන ලදැයිද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *