මන්නාරම – මුල්ලික්කුලම් විදුලි රැහැන් ව්‍යාපෘතියට කෝටි 250ක්

මන්නාරම සහ මුල්ලික්කුලම් යා කරමින් ඉදිවන කිලෝමීටර් 26ක් දිගැති, කිලෝවෝල්ට් 220ක ද්විත්ව පරිපථ (Double-circuit) විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) නිල වශයෙන් ආරම්භ විය.
මන්නාරම, මුල්ලික්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මෙගාවොට් 100ක (100MW) ධාරිතාවෙන් යුත් සුළං විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට සාර්ථකව සම්බන්ධ කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. එමෙන්ම ජාතික විදුලි ජාලයේ ස්ථායීතාව සහ විශ්වසනීයත්වය තවදුරටත් ඉහළ නැංවීමටද මෙමඟින් මහඟු දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම නව සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය මන්නාරම 220/33kV ජාල උපපොළේ සිට යෝජිත මුල්ලික්කුලම් 220kV මීටරින් උපපොළ දක්වා විහිදෙනු ඇත.
රුපියල් බිලියන 2.5ක (රුපියල් කෝටි 250ක) ඇස්තමේන්තුගත මුදලක් ආයෝජනය කරමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලබයි.




