ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 195ක් රැස් කරගෙන සිටී.
ඊයේ(15) දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද(16) සියලු දෙනා දැවී ලකුණු 267ක් ලබාගැනීමට සමත් විය. ඒ පළමු ඉනිමේ නවසීලන්තයට වඩා ලකුණු 18ක් ඉදිරියෙන් සිටිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පිතිකරුවන් සමග එක්වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 61ක් ලබාගැනීමට සමත් විය. නවසීලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අජාස් පටෙල් කඩුලු 5ක් හා සමර්විලී කඩුලු 3ක් ලබාගැනීමට සමත් වූහ.
දෙවැනි ඉනිමේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 18ක් පසුපසින් සිටිමින් ඉනිම ඇරඹූ නවසීලන්තයේ මුල් කඩුලු කිහිපය ඉතා ඉක්මනින් දවා ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පන්දුවාර 29කදී ලකුණු 71කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ධනංජය ද සිල්වා කඩුලු 2ක් ලබාගත් අතර අකිල ධනංජයද කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. නවසීලන්තය වෙනුවෙන් අගනා පිතිකරණයක නිරත වන බී.ජේ.වැට්ලින් නොදැවී ලකුණු 63ක් ලබා සිටී. ඔහුට මනා සහායක් ලබාදුන් ටිම් සවුති ලකුණු 23ක් රැස්කර ගැනීමට සමත් විය.
මේ වන විට නවසීලන්තය ලකුණු කඩුලු 3ක් අතැතිව ලකුණු 177ක් ඉදිරියෙන් සිටින අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ හෙට(17) සිව්වැනි දිනයයි.
(මූලාශ්‍ර හා ඡායාරූප – cricinfo වෙබ් අඩවියෙනි)