22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහි පළමු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් පළමු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) භාණ්ඩාගාරික ටී.එම්.එස්. පසිඳු සිල්වා සහ එහි සහකාර ලේකම්වරයා විසිනි.

අදාළ කෙටුම්පත නීතියක් බවට පත් කරන්නේ නම්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීමට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *