2023/24 ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් 26 වන දින උඳුවප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟ ආරම්භ වී 2024 මැයි මාසයේ වෙසක් පුර පසළොස්වක පොහොයෙන් අවසන් වීමට නියමිතය.
ශී‍්‍ර පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ අඟහරුවාදා (24) සවස රත්නපුර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පැවති වන්දනා සමයේ මූලික කටයුතු පිළිබඳ රැස්වීමකදී මෙසේ පැවසූහ.
උඳුවප් පුර පසළොස්වක පොහොයට පෙර දින එනම් දෙසැම්බර් 25 වැනි දින අලුයම පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා සර්වඥ ධාතු කරඬුව සහ දේව ප්‍රතිමාව පෙරහැරෙන් වැඩම කරවීමට නියමිත බව ද ඔහු පැවසීය.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (NWSDB), මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA), පොලිසියේ සහ තවත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටියහ.