2023 ආසියානු කුසලානය සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය

2023 පිරිමි එක්දින ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් තෝරා ගත් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අනුමත කර ඇත.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක – නායක, පැතුම් නිශ්ශනක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් – උප නායක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණගේ, ශ්‍රී ලංකා සංචිතය , බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්

මුල් සංචිතයට තේරී සිටි වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක සහ ළහිරු කුමාර ‘ආබාධ’ හේතුවෙන් සහභාගි නොවනු ඇත.

බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් ආබාධිත ක්‍රීඩකයින් වෙනුවට ප්‍රමාද වී ඇතුළත් කර ඇති බැවින් ඔවුන්ගේ නම් ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යවා ඇත.

කුසල් ජනිත් පෙරේරා ඔහුට වැළඳී තිබූ උණ රෝගයකින් සුවය ලබමින් සිටින අතර සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු සංචිතයට එක්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *