2023 ජනවාරි මාසයේදී සංචාරක පැමිණීම් 100,000 ඉක්මවයි.

2023 ජනවාරි සඳහා සංචාරක පැමිණීම් 100,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) වාර්තා කරයි.

2023 ජනවාරි 1 සිට 31 දක්වා කාලය තුළ විදේශීය සංචාරකයින් 102,545 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව SLTDA ප්‍රකාශ කළේය.

එය 2022 ජනවාරි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම් 82,327 හා සැසඳීමේ දී සංචාරකයින් 20,218 කින් වැඩි වීමකි.

මෙම කාලය තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙන් 25,254 ක්, ඉන්දියාවෙන් 13,759 ක් සහ එක්සත් රාජධානියෙන් 8,483 ක් පැමිණ ඇත.

ජර්මනිය, ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, මාලදිවයින සහ ඊශ්‍රායලය ජනවාරි සඳහා ඉතිරි මූලාශ්‍ර වෙලඳපොල වේ.

සම්පූර්ණ වාර්තාව: 2023-01-31 දිනට සංචාරක පැමිණීම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *