2022 අවසානයේ සතොස අලෙවිසැල් ජාලය පුළුල් කෙරේ

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම කේන්ද්‍ර කර ගනිමින් ලංකා සතොස නව අලෙවිසැල් ජාලයක් ස්ථාපිත කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වෙළෙඳපොළ තුළ මතුවන භාණ්ඩ හිඟය හා මිල අස්ථාවරවීම් වැළැක්වීම සඳහා සතොස නව අලෙවිසැල් ජාලයක් ස්ථාපිත කිරීමට එම අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන් වේ.

දේශීය නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ පුළුල් කිරීම, ප්‍රමිතියෙන් යුත් ආනයනික හා දේශීය නිෂ්පාදන පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට ලබාදීම අදාළ වැඩසටහනේ අරමුණ වී තිබේ.

දිවයිනේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි 2022 වසර අවසානය වන විට ලංකා සතොස අලෙවිසැල් ජාලය 1,000ක් දක්වා පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *