මාතලේ නගරාධිපති වශයෙන් කටයුතු කල ඩල්ජිත් අලුවිහාරේ මහතා වෙත එල්ල වූ චෝදනා හේතු කොට ගෙන ඔහුව ධූරයෙන් ඉවත් කිරීමට මෙසේ පියවර ගෙන ඇත.
විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් පසුගිය 24දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා වෙත භාර දී තිබු ඩල්ජිත් අලුවිහාරේ මහතාට එරෙහිව එල්ල වු චෝදනා පිළිබද සිදුකල වාර්තාවට අනුව ඔහු මාතලේ මහනගර සභාවේ නගරාධිපති වශයෙන් සේවය කිරීමේදී මහනගර සභා ආඥාපනතේ (252 අධිකාරිය) 277(I)(අ), (ඇ), (ඈ) සහ (ඉ) වගන්තිවල සඳහන් වැරදි සිදුකර ඇති බවට සාක්ෂි පවතින බැවින්, මෙලෙස ඔහුව ධූරයෙන් පහ කිරීමට කටයුතු කර ඇත.