පසුගියදා මරාදැමුනු ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයා වන මොෂේන් ෆක්රිසාඩේ ඝාතනය සම්බන්ධව එය සිදු කල අයවලුන් ගෙන් පළිගන්නා බවට ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ල සෙයිඩ් අල් කමෙයිනී පසුගියදා පවසා සිටියේය.
න්‍යෂ්ටික විද්‍යාඥයෙක් වන මොෂේන් ෆක්රිසාඩේ ඉරානය තුල න්‍යෂ්ටික පරීක්ෂණ සිදු කල ප්‍රදානතම විද්‍යාඥයා විම යම් හෙයකින් මෙම ඝාතනයට හෙතුව විය හැක මෙලසම ඉරානය තුල පසුගිය කාලය පුරාවටම විද්‍යාඥයන් හතර දෙනෙකු ඝාතනයට ලක්විය මෙම ඝාතනයන්ට ඊශ්‍රායලය සම්බන්ධ ඇතැයි ඉරානය සැක පළ කර සිටී.
නාදුනන ප්‍රහාරකයන් පිරිසක් විද්‍යාඥයා ගමන් කල රථයට අගනුවරට ආසන්න නගරයකදී වෙඩි තබා ඇති අතර එහිදී තුවාල ලද විද්‍යාඥයා රෝහලට ඇතුල් කිරීමෙන් පසු මියගොස් ඇත.ඔහු මියගියත් තම පරීක්ෂණ කටයුතු දිගින් දිගටම සිදුකරන බව ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා පවසා සිටියේය