කොරෝනා රෝගින් හදුනා ගන්නා රජයේ නවතම තාක්ෂණික ව්‍යාපෘතිය.- “STAY SAFE”

Share this Article

කොරෝනා ආසාදිතයන් හා ආශ්‍රිතයන් හදුනා ගැනිමට හා ඔවුන් ගමන් කල ස්ථානයන් හදුනා ගැනීමට තාක්ෂණික ක්‍රමවේද‍යක් “ට්‍රැකින් සිස්ටම්” රජය විසින් හදුන්වා දී ඇත මෙම ව්‍යාපෘතිය සුවෙන් සිටිමු “Stay Safe” යනුවෙන් හදුන්වා දී ඇත.

මෙම පද්ධතිය මගින් සිදුවනුයේ යම් පරීශ්‍රයකට ඇතුලත් වන පුද්ගල‍යෙකුගේ නම් ගම විස්තර පොතක සටහන් කිරීම වෙනුවට ස්මාර්ට් දුරකතනයකින් QR කේතයක් ස්කෑන් කිරීම මගින් හෝ ස්මාර්ට් නොවන දුරකතනයකින් කෙටි පණිවුඩයක් මගින් රජයේ දත්ත ගබඩාවට තොරතුරු එක් රැස් කිරීමයි.

මෙහිදී යම් පරීශ්‍රයකට ඇතුලත් වන පුද්ගල‍යෙකු ස්මාර්ට් දුරකතනයක් භාවිතා කරනෙක් වුවද ස්මාර්ට් නොවන දුරකතනයක් භාවිතා කරනෙක් වුවද දුරකතනයක් භාවිතා නොකරනෙක් වුවද තොරතුරු ඇතුලත් කිරීමට පහසුකම් සපයා ඇතිබව සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ [ICTA] ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරන්‍ය සමරසේකර මහතා පවසා සිටියහ.

මෙහිදී පුද්ගලයෙකු යම් කිසි ස්ථානයකට ඇතුල් වන්නේනම් එම ස්ථානය හඳුන්වන ‘කෝඩ් අංකය’ ජංගම දුරකතනයට ඇතුල් කළ විට ඒ සියල්ල දින 60ක් ගබඩා වී තිබෙනු ඇත. මෙම ක්‍රියාවලිය ආසාදිතයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ආගිය තැන් දැනගැනීමට ආරක්ෂක අංශ වලට සහ සෞඛ්‍ය නිලධාරීන්ට පහසු කරවනු ඇත.

ආයතනයක් ලියාපදිංචි කරනුයේ කෙසේද

www.staysafe.gov.lk වෙබ් අඩවියට ඇතුල් වී ඔබේ ආයතනය සදහා QR කේතයක් ලබා ගැනීමට ලියාපදිංචි විය යුතුය. ඒ සදහා ආයතනයේ නම, එහි ප්‍රධානියෙකුගේ නම, ඊමේල් ලිපිනය, දුරකථන අංකය වැනි තොරතුරු කිහිපයක් පමණක් ඇතුළත් කිරීම ඒ සඳහා ප්‍රමාණවත් වේ. මෙම කේතය ආයතනය ඉදිරියෙහි අලවා ප්‍රදර්ශනය කල යුතුය.

ආයතනයට ඇතුළුවන පුද්ගලයන්ගේ දත්ත එක්රැස් කරනුයේ කෙසේද?

ඕනෑම අයෙක් එක්වරක් ලියාපදිංචි වූ පසු එම පුද්ගලයාට නැවත ලියාපදිංචි නොවි QR කේතය ස්කෑන් කිරීමෙන් පමනක් පරීශ්‍රයට ඇතුල් විය හැක. මෙහිදී කිසිඳු App එකක් බාගත කිරීම අවශ්‍ය නොවේ.
ලියාපදිංචි වීමේදී පලමු QR කේතය ස්කෑන් කිරීමෙන් එම පුද්ගලයාට පෝරමයක් පිරවීමට ලැබෙන අතර එයට ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය සහ නම ඇතුලත් කිරීමෙන් පසු ඔනෑම ස්ථානයක QR කේතය ස්කෑන් කිරීමෙන් ස්වයංක්‍රීයව ඔබ හට පද්ධතියට ඇතුල් විය හැක.

ස්මාර්ට් නොවන ජංගම දුරකතනයක් භාවිතා කරන අයෙකුට දුරකතනයෙන් SS හිස්තැනක් REG හිස්තැනක් ජාතික හැදුනුම්පත් අංකය සටහන් කර 1919 අංකයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෙටි පණිවිඩයක් [SMS] යැවීම මගින් ලියාපදිංචි විය හැක. ඉන්පසු ඔඅබ යම් පරීශ්‍රයකට ඇතුල් වීමේදී SS හිස්තැනක් පරිශ්‍රයේ අංකය [Location ID] ඇතුළත් කර 1919ට යොමුකර අදාළ ස්ථානයට පිවිසිය හැකිය.

දුරකතනයක් භාවිත නොකරන අයෙක්ට පරීශ්‍රයේ සිටින අයෙකුගෙ දුරකතනයෙන් මේ පද්ධතිය සදහා ලියාපදිංචි වී ඇතුල් විය හැක.

ස්මාර්ට් ජංගම දුරකතනයකින් යම් ස්ථානයක QR කේතය ස්කෑන් කිරීමෙන් පසු දකුණු පස දිස්වන පෝරමය ලැබේ.

දත්ත එක්රැස් කිරීම පුද්ගලිකත්වයට හානියක් ද ?

මෙහිදී සියලුම දත්ත ගබඩා වනුයේ රජයේ විද්‍යුත් දත්ත ගබඩාවක බැවින්ද මෙම දත්ත යොදාගනුයේ කොරෝනා පාලනයට පමණක්ම වන බැවින් ඒ පිළිබද අනිසි බියක් ඇතිකරගත යුතු නැත යනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ [ICTA] ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරන්‍ය සමරසේකර සඳහන් කළේය.

සුරක්ෂිත බව සහතික කරන්නේ මෙහෙමයි.

යම් අයෙකු යම් පරීශ්‍රයකට ඇතුල් විමට පෙර QR කේතය ස්කෑන් කිරීමෙන් හෝ කෙටි පණිවුඩය යැවීම මගින් 1919 දත්ත ගබඩාවට තොරතුර ලැබීමෙන් ඔබට එම පරීශ්‍රයට ඇතුල් වීමට අවසරද නැද්ද යන වග කෙටිපණිවුඩයක් මගින් දන්වනු ලැබේ මේ අනුව ආසාදිතයන් හෝ නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් කිසියම් පරිශ්‍රයකට ඇතුළුවීම අවහිර කළ හැකිය.
එය පරීශ්‍රයේ සිටින හා ඇතුල් වන්නන්ගේ ආරක්ශාව සදහා ඉතා වැදගත්ය.
එසේම යම් පුද්ගලයෙකු ආසාධිත වුවහොත් එම් පුද්ගලයා ආ ගිය තැන් පිළිබද ඉතා නිවැරදි තොරතුරු ලබා ගෙන ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වීමට මෙමගින් විශාල මෙහෙයක් සිදුවනු ලැබේ,

 

 


Share this Article

Leave a Reply

Your email address will not be published.