LK reports news sinhala

18% වැට් බද්දෙන් පසු ඩීසල් මිල රුපියල් 63 කින් ඉහළ යයි: විජිත

සියයට 18 ක වැට් බද්ද පැනවීමෙන් පසු ඩීසල් ලීටරයක මිල රුපියල් 63 කින් ඉහළ දමන බව ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඩීසල් ලීටරයක් රුපියල් 346කට අලෙවි කරන බවත් එය ජනවාරි මාසයේ සිට රුපියල් 63කින් වැඩි කරන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

ධීවර අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවේ අයවැය විවාදයේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව කෘෂිකර්මාන්තයේ සහ ධීවර ක්ෂේත්‍රයේ භාවිත කරන උපකරණ වැට් බද්දට යටත් කරන බවයි.

ධීවර ක්‍ෂේත්‍රය මේ වන විටත් අඩාල වී ඇති බවත් සියයට 18ක වැට් බද්ද පැනවීම තුළින් ධීවර ජන ජීවිතය අසරණ වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *