1,182ක් යුක්තියට කොටුවෙති

ට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (02)  සිට අද (03) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,182ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සැකකරුවන් 44 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 47 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 287g
අයිස් 246g
ගංජා 05kg 400g
ගංජා පැළ 19,052ක්
මාවා 104g
හෑෂ් 95g
මත්පෙති 119ක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *