හොර පාරෙන් රට පනින අයට විදේශ ඇමතිගෙන් අවවාදයක්

හොර පාරෙන් විදේශයන්හි රැකියාවන්ට ගොස් අමාරුවේ වැටුන විට ඔවුන් බේරා ගැනීමට රජයක් හැටියට කළ හැකි දේ සීමිත යැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

විවෘත වීසා හෝ සංචාරක වීසා මත  විදේශ රැකියාවන්ට නොගොස්  වලංගු ගිවිසුමක් මත නිත්‍යානුකූල ක්‍රමවේදය අනුව විදේශ රැකියාවන් සඳහා පිටව යන්නැයි මේ රටේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *