හයිටි ජනපති ධුරය අත්හරි

සන්නද්ධ කණ්ඩායම් අතරේ නිර්මාණය වූ බලඅරගලයක් අතරතුරේ, ප්‍රචණ්ඩකාරී විරෝධතා මැද හයිටියෙන් පලා ගිය එරට අන්තර්වාර ජනාධිපති ඒරියල් හෙන්රි, ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුණු බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, ඒරියල් හෙන්රි ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ගයනා ජනාධිපති ඉර්ෆාන් අලී මාධ්‍ය කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි. විරෝධතා මැද හයිටියෙන් පලා ගිය ඒරියල් හෙන්රි මේ වනවිට ලතින් ඇමෙරිකාවට පැමිණ සිටී.

ගයානා යනු ලතින් ඇමෙරිකාවේ උතුරු අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටි කුඩා රාජ්‍යයකි. දේශපාලනික වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් අස්ථාවර වූ හයිටි රාජ්‍යය, කැරිබියානු දූපතකි. හයිටිය අතීතයේ ප්‍රංශ කොලනියකි.

අද වනවිට හයිටි රාජ්‍යයේ අර්බුද උත්සන්න වී ඇති අතර, සන්නද්ධ අපරාධ කල්ලි එරට රජ කරයි. පොලිසිය පවා එම සන්නද්ධ කල්ලි හමුවේ අසරණ වී ඇත.

සන්නද්ධ කල්ලි පසුගිය සති කීපය පුරා හයිටියේ ප්‍රචණ්ඩකාරී විරෝධතා පවත්වන්නේ භාරකාර ජනාධිපති ඒරියල් හෙන්රිට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමිණි.

2021 වසර වෙද්දී හයිටියේ ජනාධිපති ධුරය හෙබවූයේ, ජුවෙනල් මොයිස්ය. 2021 ජූලි 7 වැනිදා ඔහුගේ නිල නිවසේ දී ඝාතනය කරනු ලැබුණි. ඒ, ආයුධ සන්නද්ධ කල්ලියක් විසිනි. එම අවස්ථාවේදී, අග්‍රාමාත්‍ය ධුරය හොබවමින් සිටි ඒරියල් හෙන්රි, භාරකාර ජනාධිපති ධුරය බාර ගත්තේය. ඒ ඔහුගේ අභිමතය පරිදිය.

පසුගිය සති කීපයේ සිට සන්නද්ධ කණ්ඩායම්, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ ඒරියල් හෙන්රි භාරකාර ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු යැයි බල කරමින් සහ සාධාරණ මැතිවරණයක් අවශ්‍ය බව පවසමිනි.

හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවා තවමත් ඇත්තේ සන්නද්ධ සාමාජිකයන්ගේ ග්‍රහණයේය. හයිටියේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් නෙකරුණි. ඒරියල් හෙන්රි හයිටියෙන් පලා ගියේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙද්දීය. පසුව වාර්තා වූයේ ඔහු ලතින් ඇමෙරිකාවට පලා ගිය බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *