හමාස් අවි බිම තැබිය යුතුයි, නැත්නම් අපි එය කරවනවා

හමාස් සංවිධානය සිය අවි බිම තැබි යුතු බවත් ඔවුන් එසේ නොකරන්නේ නම් තමන් මැදිහත්ව එය සිදුකරන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

.”ඔවුන් නිරායුධ නොකළහොත්, අපි ඔවුන්ට නිරායුධ කරනවා” යැයි ට්‍රම්ප් පැවැසීය.

හමාස් සංවිධානය නිරායුධ කරන්නේ කෙසේ දැයි මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් එක්සත් ජනපද ජනපතිවරයා,  “මට ඔබට එය පැහැදිලි කිරීමට අවශ්‍ය නෑ. නමුත් ඔවුන් නිරායුධ නොකළහොත්, අපි ඔවුන් නිරායුධ කරනවා. මම සෙල්ලම් නොකරන බව ඔවුන් දන්නවා. එය ඉක්මනින්, සමහර විට ප්‍රචණ්ඩ ලෙස සිදුවනු ඇත. නමුත් ඔවුන් නිරායුධ කරනු ඇත, ඔබට මාව තේරෙනවාද?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *