අටලුගම ප්‍රදේශයේ ජීවත් වන 20,000 කට ආසන්න පිරිසකගෙන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා මේ වනවිට සහභාගිවී ඇත්තේ පුද්ගලයන් 1,541 (8ර්% ) දෙනෙකු බවත් ඉන් 547 (35%) දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටත් මේ වනවිට තහවුරු වී තිබේ.
බණ්ඩාරගම මැදගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යූ. මධුෂාන් මහතා පවසන්නේ එම සංඛ්‍යා ලේඛණ අනුව බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ජීවත් වන 20,000 න් තුනෙන් දෙකකට පමණ මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ එම ප්‍රදේශයේ තවත් පුද්ගලයන් 18,459 දෙනකුට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට ඇති බවත් ඔවුන් ඒ සඳහා සහභාගි කරවා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවන බවත්ය.
මේ අතර ඉකුත් 10 වැනිදා අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා හාරසිය දෙනකු කැඳවා තිබුණද ඒ සඳහා පැමිණ ඇත්තේ 50 දෙනකු පමණයි.
කොවිඩ් ආසාදිත පුද්ගලයකු රැගෙන ඒමට පසුගිය 02 වැනිදා එහි ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට එම ආසාදිත පුද්ගලයා විසින් කෙළ ගැසීමේ සිද්ධියක්ද මෙම ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙවැනි වාතාවරණයක් හමුවේ ඉදිරියේදී මෙම ප්‍රදේශය දැඩි අවදානම් කලාපයක් විය හැකි බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වැඩිදුරටත් පැවසීය.