සිරිල්

සිරිල් ගාමිණි පියතුමන්ගෙන් පැය හතක ප්‍රකාශයක්

රාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් ඊයේ (15) පැය 07කට අධික කාලයක් සිය ප්‍රකාශය ලබාදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්ත-ුවේ විශේෂ විමර්ශන ඒකක 1 හි ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීම මත ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් ඊයේ (15) පෙරවරු 10 ට පමණ පැමිණී බව ද එම නිලධාරියා සදහන් කළේය.

ඒ අනුව පැය 08කට අධික කාලයක් සිය ප්‍රකාශය ලබාදුන් පියතුමන් නැවත අද (16) දිනයේ ද ප්‍රකාශ ලබාදීම සදහා පැමිණීමට නියමිතව ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙයට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ව ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැදවූත් එතුමා එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණීයේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *