සිඩ්නි ඝාතකයාට මිනීමැරුම් චෝදනා 15ක්

සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ ඉරිදා සිදු වූ සමූහ වෙඩි තැබීමේ සිද්ධියේ දිවි ගලවා ගත් සැකකරු වන නවීඩ් අක්‍රම්ට මිනීමැරුම් චෝදනා 15 ක් සහ ත්‍රස්ත ක්‍රියාවක් සිදුකිරීමේ චෝදනාවක් ඇතුළුව වැරදි 59 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවට එරට පොලිසිය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ..

අනෙක් තුවක්කුකරු, ඔහුගේ පියා වන 50 හැවිරිදි සජිඩ් අක්‍රම්, එම ස්ථානයේදීම පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගියේය.

හනුක්කා මංගල්‍යයේ පළමු රාත්‍රිය සැමරීමේ උත්සවයකදී ඕස්ට්‍රේලියාවේ යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රහාරයෙන් 15 කු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලැබුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *