සා.පෙළ අවසන් වූ විගස උසස් පෙළට පන්ති

ලබන හයවෙනිදා ආරම්භ කරන අධ්‍යයන පොදු  සහතිකපත්‍ර  සාමාන්‍ය පෙළ විභාගය අවසන් වු වහාම එම විභාගයට පෙනී සිටි  සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්  ප්‍රේමජයන්ත මහතා පවසයි

පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු අධ්‍යන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙල අනුව මෙම තීරණය ගත් බවද ඇමතිවරයා කීය.

මේ සඳහා මේ වන විටත් උසස් පෙළ විද්‍යා ගණිත තාක්ෂණවේදය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට අලුතෙන් ගුරුවරුන් තුන්දහසක් බඳවා ගන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය .

මෙම සතිය තුළ එම පිරිස බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් වන කරන බවද හෙතෙම සඳහන් කළේය

ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව ආරම්භ කිරීම අවස්ථාවට සහභාගි වෙමින් ඇමතිවරයා මෙම කරුණු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *