සබරගමුවේ හි.පළාත් ඇමැති අත්අඩංගුවට

සබරගමු පළාත් සභාවේ හිටපු පළාත් සභා අමාත්‍ය කුමාර රාහු බද්ධ මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි‍.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන් සබරගමු පළාත් සභාවේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සබරගමු පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මගින් වාර්ෂිකව වෙන් කරන ලද මුදල් ඇඹිලිපිටියේ ප්‍රාදේශීය සභාව ක්‍රියාකාරී ආයතන ලෙස තෝරාා ගනිමින් රුපියල් 71,645,226/= ක මුදලක් රජයට පාඩුවන අන්දමින් කටයුතු කිරීම හා ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *