සජිත් සන්ධාන ගත වෙයි

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ(05) එළි දැක්වීය.

සමගි ජන සන්ධානය ලෙස එළිදැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුමකට ද එහිදී එළඹීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර සහ  නිදහස ජනතා සභාවේ මහචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රමුඛ කණ්ඩායම සමඟ ඊට අදාළ ගිවිසුම් ගතවූහ.

ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා,  නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස් කුමාරසිරි යන  මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *