සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ තැන්පතු බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කළ බවට පැතිර යන කටකතා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට එවන මුදල් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල්වලට හරවන බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවට එවන ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඔවුන්ගේ අභිමතය පරිදි විදේශ මුදලින් ඔවුන්ගේ බැංකු ගිණුම්වල තබා ගැනීමට හෝ ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට බාධාවක් නොමැති බව මහ බැංකුව පවසයි.

විදේශගත ශ්‍රී ලාංකික සේවකයින්ට දැනට ලබාදී ඇති විවිධ වරප්‍රසාද කිසිදු වෙනසක් නොමැතිව එම ආකාරයෙන්ම තවදුරටත් භුක්ති විඳිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *