LK reports news sinhala

ශ්‍රී ලංකාව හා පාකිස්තානය වසර 10කට පසු කරච්චි නුවරදී මුණගැසෙයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(27) පාකිස්තානයේ කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතය. 2009 වසරින් පසු ශ්‍රී ලංකාව හා පාකිස්තානය පළමුවරට කරච්චි නුවරදී මුණ ගැසෙනුයේ පළමුවරටය. 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ‍ඉලක්ක කර ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයෙන් පසු කිසිදු රටක් පාකිස්තානයේ සංචාරය නොකළ අතර 2017 වසරේදී එක් විස්සයි විස්ස තරගයක් සඳහා පමණක් ශ්‍රි ලංකා කණ්ඩායමක් පාකිස්තානයට ගියේය. ඒ සඳහා ද නම් දැරූ ක්‍රීඩකයින් බොහෝ පිරිසක් සහභාගී නොවූ අතර මෙවර තරගාවලියටද ප්‍රමුඛතම ක්‍රීඩකයින් 10 දෙනකු සහභාගී නොවීමට තීරණය කර ඇත.

අද තරගයේදී පාකිස්තාන කණ්ඩායම සෆ්රාස් අහමඩ් විසින් මෙහෙයවනු ලබන අතර ශ්‍රි ලංකා නායකත්වය හිමිව ඇත්තේ ලහිරු තිරිමාන්නටය. ඊට අමතරව ශ්‍රී ලංකා සංචිතයට ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ඕෂද ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, මිනෝද භානුක, ඇන්ජ‍ලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත සහ ලහිරු කුමාර ඇතුළත් වෙති.

මීට පෙර අවස්ථා 153කදී ශ්‍රි ලංකාව හා පාකිස්තානය තරග වැද ඇති අතර ඉන් තරග 90ක ජය පාකිස්තානයටද තරග 58ක ජය ශ්‍රි ලංකාවද හිමිකරගෙන ඇත. එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන්වී ඇත.

(Image – DNA India)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *