ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා ගිවිසුම අත්සන් කරන ලදී – UDA

නුවරඑළිය ප්‍රදේශයේ කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා රජය ස්වීඩන සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ.

අදියර 2කින් සමන්විත කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් මාස 18ක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

නානුඔයේ සිට නුවරඑළිය දක්වා කිලෝමීටර් 4ක් දුරින් අදියර දෙකකින් ඉදිකෙරෙන මෙම කේබල් කාර් මාර්ගය සඳහා පූර්ණ අරමුදල් සපයනු ලබන්නේ ස්වීඩන විදේශ ආධාර යෝජනා ක්‍රමය යටතේය. මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 55 ක වියදමින් වසර 30 ක බදු පදනම මත සංවර්ධනය කෙරේ.

මේ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට පසුගියදා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අත්සන් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *