වෙලේ සුදාගේ සිරකුටියෙන් නවීන ජංගම දුරකතනයක්

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හදිසි පරික්ෂාවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ජි.ඩබ්. සමන්ත කුමාර නෙහොත්  වෙලේ සුදාගේ සිර කුටියේ තිබී නවීන පන්නයේ ජංගම දුරකථනයක්  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවකදී මෙම ජංගම දුරකථනය සොයාගෙන ඇත.

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසේ  සිරමැදිරියක් තුල හදිසි සෝදීසි කිරිමක් සිදුකර ඇත.

එහිදී  වෙලේසුදා රඳවා තබාගෙන සිටින  සිරමැදිරිය පිටුපස සඟවා තිබියදී සිම්පත් රහිත ජංගම දුරකථනයක්  අත්අඩංගුවට ගෙන  වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකරිය වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *