tiran

වීසා බලය සමාගමට දුන්නේ කැබිනට්ටුවේ කැමැත්තෙන්

කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඇරඹූ සමාගම ලෝකයේ රටවල් 67 ක මධ්‍යස්ථාන 146 ක් හරහා සේවා සපයන ජාත්‍යාන්තර සමාගමක් මිස ඉන්දියානු සමාගමක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

මෙය ඉන්දියානු සමාගමක් බවට සමහරුන් ගෙන යන ප්‍රචාරය වැරදි බව පැවසූ අමාත්‍යවරයා එම සමාගම මේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ විශේෂ කමිටුවක නිර්දේශ මත කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය අනුව බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *