‘‘විපක්ෂයේ වෛරි දේශපාලනය ප්‍රදර්ශනය කළා‘‘ – ඩයනා

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හිටපු පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

ඩයනා ගමගේ මහත්මිය කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසුවාය.

සිය නිර්දෝෂිභාවය ඉදිරියේදී පෙන්වන බව කී ඩයනා ගමගේ සිය දේශපාලන මෙතතින් නවතින්නේ යැයි කුමන්ත්‍රණකරුවන් සිතන්නේ නම් ඔවුන්ට වැරදුනු තැන එතන බව ද සඳහන් කළාය.

මෙරට දේශපාලනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීම අනිවාර්ය සාධාකයක් නොවන බවත් මෙරට කාන්තාවන් සහ ජනතාව වෙනුවෙන් ඉදිරියේ ද පෙනී සිටින බවත් ඇය වැඩි දුරටත් කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *