විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නැවැත්වීමට පියවර

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම මේ මස 14 වනදා සිට තාවකාලිකව නවතා දමන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසා සිටියි. ඒ නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන්.

කෙසේ වෙතත් හෙට (12) සහ අනිද්දා (13) යන දිනවල මාලදිවයිනේ සහ ජෝර්දානයේ සිට පැමිණීමට නියමිත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *