විදුලිය පාර්ශ්ව දෙකකට රු. බි. 14.3ක් ණයයි

ලංකා විදුලිබල මණ්ඩලය විසින්  ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට සහ  ස්වාධින බලශක්ති  නිෂ්පාදකයින් වෙත  රුපියල් බිලියන 14.3ක  ණය මුදලක් 2024 වර්ෂයේ  අවසානය වනවිට ගෙවිමට තිබු බැව්  මුදල් ක්‍රමසම්පාදන හා  ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින්  ස්වාධින විදුලි සැපයුම්කරුවන්ගෙන්  විදුලිය මිලදි ගැනිම සදහා ඉකුත් වර්ෂයේ දි   (2024) රුපියල් මිලියන  එක්ලක්ෂ,දොළොස්දහස් දෙසියහයක මුදලක් (112,206)  වැයකොට තිබුණි.

මෙකි වාර්තාවට අනුව 2023 වර්ෂයේ දි ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට සහ ස්වාධින බලශක්ති  නිෂ්පාදකයින් වෙත විදුලිබල මණ්ඩලය විසින් ගෙවිමට තිබු ණය මුදල රුපියල් බිලියන 85.5කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *