විජේදාස -සර්ව ආගමික නායක හමුවක්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතා සහ ලංකා මානව හිමිකම් (ලංකා) සංවිධානයේ සර්ව ආගමින නායකයන් අතර හමුවක්  අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ(22) සිදුවිය.

එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හසීම් මහතා කීවෙි අධිකරණ අමාත්‍යවරයා දිවයින පුරා කරන සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සංවිධානයක් ලෙස මහත් සේ සතුටට පත්වන බවයි.

මෙහිදී  අමාත්‍යවරයා සඳහන් කලේ දිවයින පුරා පිහිටි සියළුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි සංහිඳියා කමිටු පිහිටුවා ඒ හරහා ජාතීන් අතර සහ ආගම් අතර සමගිය ඇතිකිරීමට මේ වන විටත් කටයුතු කර අවසන් බවයි.  මානව හිමිකම් ලංකා සංවිධානය වැනි සංවිධාන වලට ශ්‍රී ලංකාවේ  සංහිඳියා වැඩසටහන් වලට සෘජුව සහය දීමට හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට මානව හිමිකම් ලංකා සංවිධානයේ අනුශාසක මතුරට ධම්මාලංකාර හිමි ද එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හසීම්, අනුශාසක මව්ලවි අබ්දු රහීම් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *