අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු ඊයේ (12) සවස 4 වනවිට පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා සහන සේවා ඒකකය සදහන් කරයි.
පැවති වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය , ඌරුවල් ඔය සහ කුණ්ඩවිල ඇල පිටාර මත ගම්පහ නගරයේ ස්ථාන කිහිපයක් සහ අවට ප්‍රදේශ මද වශයෙන් යටව පවතින අතර පීඩාවට පත්වූ පවුල් 416 ක සාමාජිකයින් 1376 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 16 ක රැදවීමට පියවර ගෙන ඇති බවත් පීඩාවට පත්ව සිටින අයට අවශ්‍ය සහන සැලසීම පිනිස පියවර ගන්නා ලෙස දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම්දී ඇති බවත් ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා පැවසීය.
ආපදා පවතින ප්‍රදේශයන්හි දිසාපතිවරයා සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අජිත් නිශාන්ත චන්ද්‍රසිරි මහතා අද නිරීක්ෂණය කරමින් අවශ්‍ය සහන සැලසීම පිනිස පියවර ගනු ලැබූහ.


