වැඩබලන ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් කරුණු 09ක්…

ශ්‍රී ලංකාවේ පවතින විවිධ ගැටලු විසඳීම සඳහා ගෙන ඇති සහ ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් කළේය.

වැඩබලන ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ ප්‍රධාන කරුණු 09ක් පහත දැක්වේ.

  • මහජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබා දෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි හඳුන්වා දෙනු ඇත.
  • සියලු දේශපාලන පක්ෂ මතභේද පසෙක ලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ඉල්ලා සිටියි.
  • නීත්‍යානුකූල අවශ්‍යතා ඇති සාමකාමී විරෝධතාකරුවන් රජය විසින් සම්බන්ධ කර ගෙන ඔවුන්ට විසඳුම් ලබා දෙනු ඇත.
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් වෙමින් තිබූ අතර විදේශ රටවල් සමඟ ආධාර ලබා ගැනීමේ සාකච්ඡා ද ප්‍රගතියට පත්වෙමින් තිබේ.
  • 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් සඳහා එක්සත් රාජධානියේ රජයේ සහ ඔවුන්ගේ බුද්ධි අංශවල සහාය ඉල්ලා සිටීම.
  • රටේ ගෑස් හිඟයට විසඳුම් ලැබී තිබෙනවා.
  • ජූලි 21 වැනිදා සිට පෙට්‍රල් බෙදාහැරීම සහ ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ ඩීසල් තොග බෙදා හැරීමත් සමඟ ඉන්ධන හිඟයට විසඳුම් ලැබී තිබෙනවා.
  • අගමැති ධූරයට පත්වීමෙන් පසු දිනකට පැය 5ක විදුලි කප්පාදුව දිනකට පැය 3 දක්වා අඩු කර තිබෙනවා.
  • ගොවීන්ට පොහොර ලබාදී ඇති අතර අක්කර 2ට අඩු කුඹුරු වගා කළ වී ගොවීන් ලබාගෙන තිබූ ණයද අවලංගු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *