වාහන ගෙන්වන්නන්ට කොළ එළියක්

අවශ්‍යතා අනුව ප්‍රමුඛතා අනුපිළිවෙලක් යටතේ  ඉදිරියේදී වාහන ආනයන කිරීමට ක්‍රමානුකූලව අවසරදීමට බලාපොරොත්තු වන බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලා පිටිය මහතා පැවසීය

විශේෂ කමිටුවක් පත්කර  ඒ ප්‍රමුඛතාව  සම්බන්ධයෙන්  කරුණු සොයා බලාගෙන යන බවද ඔහු සඳහන් කළේය.සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය  වෑන් රථ 750 ක්  සහ බස් රථ 250ක් ගෙන ඒමට අවස්ථාව දුන් බවද සියඹලාපිටිය මහතා කීවේය.

ලංකාවේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 ඉක්මවා යන තැනට ගෙනවිත් ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා   මහ බැංකුව දේශීය වෙළඳපොළෙන්  මුදල් මිලදී ගැනීමෙන් මේ තත්වයට පැමිණි බවද ප්‍රකාශ කළේය.

සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හයක් හතක් දක්වා ඉලක්කයකට ගෙන ආ යුතු බවද හෙතෙම  සඳහන්  කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *