වාහන ආනයනය සඳහා රජය නව නීති සම්පාදනය කරයි.

ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පසුගිය වසර පහ තුළ වාහනයක් ආනයනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

09 පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම වාහනවලින් 75%ක් බැංකු ණය මගින් ආනයනය කර ඇති බවයි.

රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියේ වාහන ආනයනය සඳහා බදු ගෙවීම ඩොලර්වලින් ලබාදීමට රජය ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි.

2015 සිට 2020 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට වාහන 2,498,714ක් ආනයනය කර ඇති බවද ඔහු පැවසීය.

වසරකට ආනයනය කරන වාහන සංඛ්‍යාව පහත පරිදි වේ.

2015 – වාහන 652,446
2016 – වාහන 466,986
2017 – වාහන 448,320
2018 – වාහන 496,282
2019 – වාහන 332,452
2020 – වාහන 102,228

Leave a Reply

Your email address will not be published. Required fields are marked *