ව්‍යාජ රන්කාසි තොගයක්

ව්‍යාජ ලෙස සකස් කරන ලද රන්කාසි අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කුරුවිට, මලව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුවිට පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බව පොලිස් මූලස්ථානය පැවසීය.

සැකකාර තරුණයා රුපියල් ලක්ෂ 60 කට ව්‍යාජ රන් කාසි අලෙවි කිරීමට තැත් කර ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී සැකකරු සතුව තිබී කිලෝග්‍රෑම් 2ක් බරැති ව්‍යාජ රන් කාසි 960 ක් සොයාගෙන ඇත.

සැකකරු අද (19) රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *