වනිඳු ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ගත් තීරණය

වනිඳු හසරංග IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්තාවේ.

ඒ් අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇතැයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

වම් වළලුකර ආශ්‍රිතව ආබාධ තත්ත්වය සඳහා ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහුව විවේකගැන්වීම සුදුසු බවට උපදෙස් ලැබී ඇති බව එම වාර්තා මගින් කියැවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *