ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් යෝජනා කර තිබූ නම් ප්‍රතික්ෂේප කර ඇති බව දන්වමින් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇත.
අමාත්‍යාංශයට ලිපියක් යවමින් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පෙන්වා දී ඇත්තේ එම තනතුරු සඳහා වඩාත් සුදුසු අය සිටින බවයි.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ තවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ නම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබූ බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත් තේරීම් කමිටුවක් තෝරා ගැනීම යුගයේ අවශ්‍යතාවක් බව ඔවුන් විශ්වාස කරන බව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පවසා තිබේ.
ඒ අනුව සුදුස්සන් තේරීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇත.