ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

“මෙම ප්‍රකාශයට ප්‍රධාන හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසීය. ඉන් ඔහු අදහස් කර ඇත්තේ එය දුර්වල සෞඛ්‍ය පද්ධතියක් ඇති වෙනත් රටවලට ව්‍යාප්ත විය හැකි බවයි.

චීනය හැරුණු කොට වෙනත් රටවලින් රෝගීන් වාර්තා වී ඇති නමුත් මරණ කිසිවක් සිදුවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *