ලෝක ආදිවාසී සැමරුම දඹාන වැදි ගම්මානයේ

2025 ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  ප්‍රධානත්වයෙන් දඹාන ආදි වාසී ගම්මානයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ලෝක ආදිවාසී දිනය අගෝස්තු 9 වැනිදාට යෙදී ඇත.

මෙම සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ  සාකච්ඡාවක් මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර ඊට  ආදිවාසී නායක  ඌරුවරිගේ වන්නිලැත්තන් ද සහභාගී විය.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහත්වරු ද ඊට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *