ලොකු වැව් පහක් අලුත් වෙයි

මින්නේරිය, ගිරිතලේ, ගල්ඔය, හුරුළු වැව සහ රාජාංගනය වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඇති වූ ගංවතුර හේතුවෙන් වියළි කලාපයේ ප්‍රධාන වාරි යෝජනා ක්‍රම කිහිපයකට දැඩි හානි සිදු වීම හේතුවෙන්, එම යෝජනා ක්‍රම වල වගා ඉඩම් සඳහා ජලය නිකුත් කිරීමට දැඩි බාධාවන් පැන නැඟී ඇතැයි රජය කියයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය යෝජනා ක්‍රමය, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය හා ගිරිතලේ වාරි ව්‍යාපාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළු වැව හා රාජාංගනය යන වාරි යෝජනා ක්‍රම වල ඇළ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2025 අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

එකී ප්‍රතිපාදන භාවිත කරමින් ඉහත සඳහන් වාරි ව්‍යාපාර වල  ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *