ලාභයෙන් පාඩුව ඉවත් කළත් බිලියන 18ක ශුද්ධ ලාභයක් තිබිය යුතුයි – අජිත් කබ්රාල්

තමා මහ බැංකු අධිපති ධුරය දරන සමයේ බැඳුම්කර නිකුතුවලින් රජයට සිදුවූ ලාභය වොහාරික විගණන වාර්තාවෙන් සිතාමතාම වසන් කර ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ , ඒ අනුව ගණන් බලන්නේනම් සිය ධුර කාලය තුළ බැඳුම්කර ගනුදෙනු හරහා සිදුවූ ලාභය රුපියල් බිලියන 18ක් පමණ විය යුතු බවයි.

එහිදි හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ රජට සිදු වී ඇති අලභය සම්බන්දයෙන් කතා කරන පිරිස සිදු වීඇති ලාභය සම්බන්ධයෙන් කතා නොකරණ බවයි.

එම ගණුදෙනු අනුව සිදු වි ඇති ලාභය රාජ්‍ය ආයතනවලට සිදු වී ඇති බවද ඒ මහතා පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *