කොවිඩ්

ලංකාවේ මරණවලින් සියයට 80කට හේතුව බෝ නොවන රෝග!

බෝ නොවන රෝග ලංකාවේ ප්‍රමුඛතම  ගැටළුවක් බවට පත්ව ඇති බවත්  ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින්  80%  බෝ නොවන රෝගවල බලපෑමෙන්  සිදුවන බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමුදු බණ්ඩාර  මහතා පවසයි.

මෙම තත්වයට මුහුණු දීම සදහා මාතලේ  දිස්ත්‍රික්කය තුළ බහුපාර්ශවීය  මැදිහත් වීමක් ඇති කිරීමට මධ්‍යම පළාත් සභාව හා එක්ව කටයුතු කිරීමට මාතලේ දිස්ත්‍රික්කය  පියවර ගෙන තිබේ.

මෙම  කමිටුව  මාතලේ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ,  දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් වරුන්,  ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්,  කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් කෘෂීකර්ම අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි,  දිස්ත්‍රික්  සමාජ සේවා හා ක්‍රීඩා නිලධාරි  ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන  හා බහුවිධ සංවිධාන ඇතුලත්ව  මෙම කමිටුව පත්කරනු ලැබිය.

මෙම කමිටුව  රැස් වී  බෝ නොවන රෝග වලක්වා ගැනීමට අදාල වැඩ පිළිවෙලක් සකස් කිරීමට  අවශ්‍ය උපදෙස් හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් මධ්‍යම පළාත් සභාවේ මැදිහත්වීමෙන්  මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මි හරහා ලබාදීමට   නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *