රෝහිතගේ දියණිය පොලීසියට බාරවෙයි

කොටස් එකලස් කර තනන ලද සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ දියණිය පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ බාර වූ බව එම ඒකකයේ අධ්‍යක්ෂක  පොලිස් අධිකාරී  උදය කුමාර මහතා පැවසීය.

එම සැකකාරිය නීතිඥවරයකු මාර්ගයෙන් භාර වීමෙන් අනතුරුවය.

ඉකුත් 20 දා  එකී සැක කටයුතු ජීප් රථය පදවාගෙන යමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන භාරයට පත්කර පසුව ඇපමත මුදා හැර තිබිණි.

මෙම සැකකටයුතු  ජීප් රථය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභේ ගුණවර්ධන මහතාගේ බෑනාද    අත්අඩංගුවටට ගෙන ලබන මස 01 දක්වාම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *